ස්කන්ධය මැනීම ගැන මුලින්ම ලියන්නේ එය ඉතා ම බහුලව භාවිත වන මිනුමක් නිසා. ප්‍රශ්නය, හාල් කිලෝ ග්‍රෑම් එකක් නිවැරදිව කිරන්නේ කෙසේ ද? ඇහි පිල්ලමක ස්කන්ධය කොපමණද? ගිය මාසෙ වෙනකන් ලෝකෙ ස්කන්ධය මැන්නෙ කලින් සම්මත කරගත්ත ලෝහ සිලින්ඩරයක ස්කන්ධයට සාපේක්ෂව. ඒ්ත් එයට සාපේක්ෂව මැනපු දෙවන පෙල සම්මත කිහිපයක් අතර ස්කන්ධ කාලයත් සමග එකිනෙකින් වෙනස්වීම් වලට භාජනය වන බව වටහා ගැනීමත් සමග මේ වන විට නව ක්‍රම වේදයක් සකස් කරගෙන සම්මත කරගෙන තිබෙනවා. විස්තර බලන්න මෙතනින්. මේ කිලෝ ග්‍රෑම් එකේ කතාව නිවරද්‍යතාව (accuracy) හා නිශ්චිත භාවය (precision) ගැනයි. දැන් මේ ක්‍රමේ පාවිච්චි කරල කිාලෝ එකක ස්කන්ධයක් මනින්න ඉතාමත් නිශ්චිත හා නිවැරදි තරාදියක් හදා ගන්න ඔබටත් පුලුවනි. බලන්න මේ දෙන්න කියන දේ වැටහෙනවද කියල?? දැන් ඉතින් අන්තවාදීන්ගේ වාරය. ටොන් ගානක ස්කන්ධයක් ඇති බහාලුමක් මනිනකොට එක ග්‍රෑම් එකක් එහා මෙහා වීම සාමාන්‍යයෙන් ගැටලුවක් නොවුනත්, ඇහි පිල්ලමක් වගේ ඉතා සැහැල්ලු දෙයක් මනිනකොට මයික්‍රො ග්‍රෑම් එකක් එහා මෙහා වීම උනත් අනුමත කරන්න බෑ. දැන් හිතන්න කන්ටේනරේ රත්‍රන් පිරවූ එකක් කියල. එහෙමනම්
ශ්‍රී ලාංකිකයා සහජයෙන්ම විමසුම් සහගත ය. ගවේෂණ ශීලී ය. අරමුණු හඹා යාමෙහි දක්ෂ ය. අඩුවකට ඇත්තේ ප්‍රයෝජනවත් ඉලක්කයන් සොයාගැනීමෙහි පවතින දුර්වලතාවයකි.