Skip to main content

Posts

ස්කන්ධය මැනීම

ස්කන්ධය මැනීම ගැන මුලින්ම ලියන්නේ එය ඉතා ම බහුලව භාවිත වන මිනුමක් නිසා. ප්‍රශ්නය, හාල් කිලෝ ග්‍රෑම් එකක්  නිවැරදිව කිරන්නේ කෙසේ ද? ඇහි පිල්ලමක ස්කන්ධය කොපමණද? ගිය මාසෙ වෙනකන් ලෝකෙ ස්කන්ධය මැන්නෙ කලින් සම්මත කරගත්ත ලෝහ සිලින්ඩරයක ස්කන්ධයට සාපේක්ෂව. ඒ්ත් එයට සාපේක්ෂව මැනපු දෙවන පෙල සම්මත කිහිපයක් අතර ස්කන්ධ කාලයත් සමග එකිනෙකින් වෙනස්වීම් වලට භාජනය වන බව වටහා ගැනීමත් සමග මේ වන විට නව ක්‍රම වේදයක් සකස් කරගෙන සම්මත කරගෙන තිබෙනවා. විස්තර බලන්න මෙතනින්. මේ කිල‌ෝ ග්‍රෑම් එකේ කතාව නිවරද්‍යතාව (accuracy) හා නිශ්චිත භාවය (precision) ගැනයි. දැන් මේ ක්‍රමේ පාවිච්චි කරල කිාලෝ එකක ස්කන්ධයක් මනින්න ඉතාමත් නිශ්චිත හා නිවැරදි තරාදියක් හදා ගන්න ඔබටත් පුලුවනි. බලන්න මේ දෙන්න කියන දේ වැටහෙනවද කියල?? දැන් ඉතින් අන්තවාදීන්ගේ වාරය. ටොන් ගානක ස්කන්ධයක් ඇති බහාලුමක් මනිනකොට එක ග්‍රෑම් එකක් එහා මෙහා වීම සාමාන්‍යයෙන් ගැටලුවක් නොවුනත්, ඇහි පිල්ලමක් වගේ ඉතා සැහැල්ලු දෙයක් මනිනකොට මයික්‍රො ග්‍රෑම් එකක් එහා මෙහා වීම උනත් අනුමත කරන්න බෑ. දැන් හිතන්න කන්ටේනරේ රත්‍රන් පිරවූ එකක් කියල. එහෙමනම්
Recent posts

විද්‍යාව අන්තවාදයකි. විද්‍යාඥයා අන්තගාමියෙකි.

අද නූතන විද්‍යාවේ පැවැත්ම සපුරාම පාහේ රඳාපවතින්නේ අන්තයන් හඹායාමෙහි ය. අන්තයන් හඳුනා ගැනීමෙහි ය. අන්තගාමී තත්ත්වයන් යටතේ කරනු ලබන නිරීක්ෂණයන් සහ ඒවා ගැන කතන්දර ගෙතීමෙහි ය. භෞතික ලෝකයේ ඔබගේ දෑත් මානයේ පවතින තත්ත්වයන් සහ නූතන විද්‍යාඥයන් සතුව පවතින තත්ත්වයන් සසඳා බැලීමෙන් ඔබට මෙය පැහැදිලි වනු ඇත. ඔබේ වපසරියේ පවතින කුඩාම සහ විශාලතම භෞතික තත්ත්ව කෙතෙක් ද? දිග? ස්කන්ධය? පීඩනය?? උෂ්ණත්වය??? කාලය?? වේගය????  වෝල්ටීයතාව????? (විභව අන්තරය) විද්‍යුත් ධාරාව?????? ආලෝක තිව්‍රතාව (Intensity) ආලෝක වර්ණාවලියේ පරාසය ඝණකම පෘෂ්ඨයක රළුබව සංඛ්‍යාතය ආම්ලිකතාව / භාෂ්මිකතාව   යනාදී මෙකී නොකී සියලු භෞතික පරාමිතීන් ක‌ොතරම් පරාසයක, කෙතෙක් නියතව (Precise) හා නිවරද්‍යව (Accurate) පාලනය කිරීමට හා මැනීමට අැති හැකියාව මත ඔබේ විද්‍යාවේ වපසරිය රැඳී පවතින බව වටහා ගන්න. මේවායේ අන්තයන් සොයා යාමට ඔබට තාක්ෂණය අවශ්‍ය ය. තාක්ෂණයේ දියුණුව නොමැතිව විද්‍යාව පවතින්න‌ේ නැත. ඔබේම අනන්‍ය තාක්ෂණ ක්‍රමවේද, ඔබේ විද්‍යා කතන්දර වලට අගයක් සහ වලංගු භාවයක් ලබා දෙන අතරම, සියලු ආකාරය‌ේ නූතන විශ්මකර

විද්‍යාව ද? අවිද්‍යාව ද??

ලංකාවේ බෞද්ධ සංස්කෘතිය නිසා අප පුරුදු වී තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව කොයිකටත් ගුණ බවයි. හරියටම මධ්‍යස්ථව සිතුවොත් නිවන් දැකිය හැකි බවයි‍. සියලු ප්‍රශ්න විසඳෙන බවයි.විද්‍යාව උපදින බවයි. (විජ්ජා උදපාදි) ‌‌බොහොම හොඳ ය. එහෙත් ඒ් විද්‍යාව සහ මේ විද්‍යාව පටලවා නොගත යුතුය. විද්‍යා කතන්දර සියල්ලම ඇස් කන් නාසා දිව සම් වලින් එලියේ තිබෙන දේවල් පැහැදිලි කරන්නට ගෙතූ කතන්දර ය. ඔබ නිවන් දැක නැත්නම්, මං කියන්නට පෙරම ඔබ හඹායාමට අරමූණක් හොයන අන්තවාදියෙකි. ඒ හෙයින් ඔබ නිවන් මාර්ගයට අවතීර්ණ වන තුරු. කාට හරි වැඩක් ඇති, අද කාලෙ ප්‍රශ්නයකට පිළිතුරු සොයන අන්තවාදියෙක් වනු දැකීම මගේ අරමුණ යි. නූතන විද්‍යාඥයෝ සියල්ල අන්තවාදීන් සහ අන්තගාමීන් වෙති.

කල යුත්ත‌ේ කුමක් ද?

ඔබ පාසලේ විද්‍යාව ඉගෙන ගත්තා ද? එයින් ක‌ොපමණක් ඔබ ඔබේ ජීවිත‌ේ තුල පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා ද? විද්‍යාව යනු කතන්දර සමූහයකි. කතන්දර අවශ්‍ය වන්න‌ේ යමක් තේරුම් ගැනීමට ය. පාසලේ ඉගෙන ගත් විද්‍යා කතන්දර වලින් තේරුම් ගන්නට තරම් කැක්කුමක් ඇති දේවල් ඔබට හමු වී ඇත්ත‌ේ අතලොස්සකි.  ඒ්වායින් බොහොමයක් අපේ සීයලාගෙ කාලෙ මිනිසුන් ට තිබුන ප්‍රශ්න ය. ඔබ පාසලෙන් ඉවත් වූ පසු අද කාලෙ මිනිසුන් ට ඇති ප්‍රශ්න තේරුම් ගැනීමට උත්සාහවත් විය යුතු ය. මේ ප්‍රශ්න වලට සරිලන ලස්සනට ගැලපෙන හොඳම කතන්දරය ගොතන්නේ ඔබ නම් එයම පමණක් ඔබට ධනය බලය හා කීර්තිය අත් කර දෙනු ඇත. ඉතින් , අද කාලෙ මිනිසුන් ට තියෙන ප්‍රශ්න මොනවද? හිතන්න. තමන් ම අත්හදා බලන්න. පාවිච්චි කරන්න‍. ඔබ සූදානම් ද?