ස්කන්ධය මැනීම ගැන මුලින්ම ලියන්නේ එය ඉතා ම බහුලව භාවිත වන මිනුමක් නිසා.
ප්‍රශ්නය, හාල් කිලෝ ග්‍රෑම් එකක් නිවැරදිව කිරන්නේ කෙසේ ද? ඇහි පිල්ලමක ස්කන්ධය කොපමණද?
ගිය මාසෙ වෙනකන් ලෝකෙ ස්කන්ධය මැන්නෙ කලින් සම්මත කරගත්ත ලෝහ සිලින්ඩරයක ස්කන්ධයට සාපේක්ෂව. ඒ්ත් එයට සාපේක්ෂව මැනපු දෙවන පෙල සම්මත කිහිපයක් අතර ස්කන්ධ කාලයත් සමග එකිනෙකින් වෙනස්වීම් වලට භාජනය වන බව වටහා ගැනීමත් සමග මේ වන විට නව ක්‍රම වේදයක් සකස් කරගෙන සම්මත කරගෙන තිබෙනවා.
විස්තර බලන්න මෙතනින්.
මේ කිලෝ ග්‍රෑම් එකේ කතාව නිවරද්‍යතාව (accuracy) හා නිශ්චිත භාවය (precision) ගැනයි.
දැන් මේ ක්‍රමේ පාවිච්චි කරල කිාලෝ එකක ස්කන්ධයක් මනින්න ඉතාමත් නිශ්චිත හා නිවැරදි තරාදියක් හදා ගන්න ඔබටත් පුලුවනි.
බලන්න මේ දෙන්න කියන දේ වැටහෙනවද කියල??
දැන් ඉතින් අන්තවාදීන්ගේ වාරය.
ටොන් ගානක ස්කන්ධයක් ඇති බහාලුමක් මනිනකොට එක ග්‍රෑම් එකක් එහා මෙහා වීම සාමාන්‍යයෙන් ගැටලුවක් නොවුනත්, ඇහි පිල්ලමක් වගේ ඉතා සැහැල්ලු දෙයක් මනිනකොට මයික්‍රො ග්‍රෑම් එකක් එහා මෙහා වීම උනත් අනුමත කරන්න බෑ.
දැන් හිතන්න කන්ටේනරේ රත්‍රන් පිරවූ එකක් කියල. එහෙමනම් ඉතින් ටොන් ගානක් උනත් මයික්‍රො ග්‍රෑම් එකක් වත් වෙනස් නොවී මනින්න පුලුවන් නම් අන්න ඒ්ක තමා හැකියාව. විශාලම පරාසයක මිනුමක් ඉතාම නිවැරදිව (Precision and Range) ලබා ගැනීමේ ඇති වැදගත් කම දැන් ඔබට තේරෙන්න ඇති. ඒ වගේ විශාල පරාසයක් ඇති තරාදියක් මම දන්න තරමින් කොහෙවත් තාම නම් නෑ. හොයල බලන්න.. වෙලඳපොලේ ඇති තරාදි වල පරාසය, නිවරද්‍යතාව හා නිශ්චිතතාව අතර තුලනය වන සංකලනයන්ගේ(trade-offs) ඇති වපසරිය මොන වගේද කියල. මෙන්න ඔබට හඹා යා හැකි අන්තයක්.
ලෝකෙ ඉතාම කුඩා දේවල් පිළිබඳ අද පවතින උනන්දුව නිසා අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරමු. මීට සරිලන තරාදියක් ඉවතලන පරණ මනුවකින් හදාගන්න හැටි මම කලින්ම දැක්කෙ මෙන්න මෙතනින්.
කිලෝ ග්‍රෑමයකින් බිලියනයකින් පංගුවකට සංවේදී මෙම තරාදිය ඔබත් හදල බලන්න??
අඩුපාඩු තියනවනම් මටත් කියන්න. පුළුවන් උදවුවක් කරන්නම්.
මේ තරාදිය පාවිච්චි කරල ඇහි පිල්ලමක් උනත් මනින්න පුලුවනි. නගරෙ ඉන්න රත්‍රන් වෙලෙන්දන්ට රසායනික පරීක්ෂණ කරන අයට මේ වගේ උපකරණ බොහොම ප්‍රයෝජනවත්..
දැන් මගේ අභියෝගය... මේක තව ටිකක් දියුණු කරල ගන්න බැරිද? බිලියනය ලොකු නෑ නෙ. ට්‍රිලියනයකින් පංගුවක් මනින්න පුලුවන් විදිහක් කවුරු හරි සොයාගන්න. මේ සඳහා ඔබ තේරුම් ගත යුතුයි..මොනවගේ දේවල් වලින්ද ස්කන්ධය මැනීම සීමා වෙලා තියන්නෙ කියල.
ලෝකෙ හොඳම තරාදිය ලංකාවෙම හදල පෙන්නන්න මට ඔබේ සහය අවශ්‍යයි. මේ තියන්නෙ 2005 දි කරපු ටිකක් සංකීර්ණ පරීක්ෂණයක්
මේ පරීක්ෂණ සංකීර්ණ වෙන්න හේතු ඔබට හොයාගන්න පුලුවන් ද?
ආහ්.... හාල් කිලෝ එක ගැනත් කියන්න එපැයි. හාල් ඇටේක ස්කන්ධය සාමාන්‍යයෙන්

0.029 g ලෙස ගනිමු. එහෙනම් හාල් ඇට බාගයක් කිරන්නෙ නැහැ කියල උපකල්පනය කරමු. එතකොට මොන එකකටද බිලියනයකින් පංගුවක් මනින තරාදිය?? මිලිග්‍රෑම් එකකට වඩා කොහොමත් නිවැරදි වෙන්න අවශ්‍යතාවක් නෑ..
ඇත්තටම තාක්ෂණය සහ උපයෝගීතාවයන් එකිනෙකට බැඳී පවතින දේවල්. පදාර්ථයේ අසන්තතිකතාවය ගැන ඉගෙනගත් දැනුම පාවිච්චි කරල හිතල බලන්න. මොනවගේ වැඩක් ද අපේ බිලියනයෙන් පංගුවක් මැනිය හැකි තරාදියෙන් කල හැක්කේ කියල.. ඉදිරියේදී ඒ් ගැන තව දේවල් කතා කරමු.
Comments
Post a Comment